කඳවුරේ ගින්න ගැන හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

කඳවුරේ ගින්න ගැන හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කරයි

කඳවුරේ ගින්න ගැන හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කරයි
පසුගියදා කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ ගින්න සහ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මේ වනවිට සෙබළුන් 35දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම පිරිස අතර යුධ හමුදා කඳවුරේ උණ්ඩ ගබඩාවේ ආරක්ෂාවට සිටි යුධ හමුදා සෙබළු පිරිසක්  ද සිටින බව වාර්තා වේ.ඊයේ (09) සහ පෙරේදා යන දෙදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තවමත් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී.

කඳවුර තුළ ඇති අනාරක්ෂිත භාවය නිසා පතුරම් ගබඩාව අසලට යෑමට එම කණ්ඩායමට නොහැකි වී ඇතත් ඔවුන් වෙනත් ස්ථානයක සිට හමුදා සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම පිපිරීමෙන් එක් හමුදා සෙබළෙක් මියගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීය.

ප්‍රදේශයේ නිවාස රැසකට ද පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානි සිදුවූ අතර මේ වනවිට රජයේ සහ හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad