බැසිල් - පී.බී ජනපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

බැසිල් - පී.බී ජනපති කොමිසමට

බැසිල් - පී.බී ජනපති කොමිසමට
පසුගිය රජය සමයේ සිදුවූ ගුවන්යානා අවභාවිතයක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර බරපතල දූෂණ වංචා විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට අද (10) පෙරවරුවේ පැමිණියහ.

රාජ්‍ය දේපළ සහ මුදල්  අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොමිසම විසින් ක්‍රියාත්මක විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු එහි කැඳවා ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අභ්‍යන්තර පෞද්ගලික ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට අයත් යානා යොදා ගනිමින් ගම නැගුම ව්‍යාපෘතිය යටතේ පවතින රුපියල් කෝටි 15 හමාරක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අද දිනයේ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව 2010 - 2014 කාලය තුළ යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නිළධාරින් 150 දෙනෙකු පමණ සිය පෞද්ගලික සේවයට යොදා ගනිමින් ඔවුන්ට රුපියල් කෝටි 26 හමාරක වැටුප් සහ දීමනා ලබාදීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ද හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව එම කොමිසම සඳහන් කළේය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වාහන 14ක් භාවිත කරමින් පසුගිය වසර 05 තුළ රුපියල් ලක්ෂ 200ක පමණ ඉන්ධන ලබා ගැනීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ද අද දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad