හමුදාව ඉවත් කර පොලිස් බලය දෙන්නැයි විග්නේශ්වරන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

හමුදාව ඉවත් කර පොලිස් බලය දෙන්නැයි විග්නේශ්වරන් ඉල්ලයි

හමුදාව ඉවත් කර පොලිස් බලය දෙන්නැයි විග්නේශ්වරන් ඉල්ලයි
යුද්ධය නිමවී මේ වනවිට වසර 07ක කාලයක් ගතවී ඇති බැවින් උතුරු පළාත තුළ යුද හමුදාව තවදුරටත් රැදීසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම නිසා වහාම උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (09) වව්නියාව පළාත් පාලන ආයතනයේ පැවති සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, "අපට පොලීසියෙන් ඕනෑම වැඩක් කරගත හැකියි. උතුරේ දැනට සිටින පොලිස් නිලධාරීන්හට තවත් පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරිම තුලින් අපේ ආරක්ෂාව අපිට බලාගත හැකියි. 

යුද හමුදාව මේ පළාතේ රැදීසිටින්න අවශ්‍ය නැහැ. අපි මේ ගැන මහේෂ් සේනානායක මහතාට පවසා සිටියා. උතුරේ තිබෙන යුද හමුදා අවි ගබඩා ඉවත් කරන්න කියලා. එතකොට එයාල කිව්වා ඒකට කාලයක් ගතවෙයි කියලා. අප අසා සිටියා කොපමණ කලක්ද කියා. නමුත් නිශ්චිත දිනයක් ඔහු දුන්නේ නැහැ" බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කළේ පසුගියදා කොස්ගම යුධ හමුදා කඳවුරේ සිදුවූ සිදුවීම උදාහරණයට ගෙන ජනතාව අනතුරක තබමින් මෙලෙස ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටුවා ඇති යුධ හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී ද රජය දැනුවත් කළ බවත් ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad