පාර්ලිමේන්තු මහලේකම්ට විශ්වාසභංගයක් අනවශ්‍යයි - කථානායක  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

පාර්ලිමේන්තු මහලේකම්ට විශ්වාසභංගයක් අනවශ්‍යයි - කථානායක 

පාර්ලිමේන්තු මහලේකම්ට විශ්වාසභංගයක් අනවශ්‍යයි - කථානායක 
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට එරෙහිව විශ්වාසභංගයක් අනවශ්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පසුගියදා පරිපූරක ඇස්‍ත‍මේන්තුවක් සම්මත කර ගැනීමට යාමේදී පැවැත්වූ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය. එම ඡන්ද විමසීම නිසියාකාරව පවත්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මහ‍ලේකම්වරයා ඉල්ලා අස්විය  යුතු බව ද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායකවරයා විසින් කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාවේ නිර්දේශ  කථානායකවරයා විසින් අද ඉදිරිපත් කරන ලදී. අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට තිබුණේ එදින පස්වරු 6.30ට වුවද 5.45ට ඡන්ද විමසීම සිදුකිරීම තුළින් ගැටලුවක් මතුව ඇති බවත්, එදින වූ සිද්ධිය ගැන විමල් වීරවංශ හා සිසිර ‍ජයකොඩි මන්ත්‍රීවරුන් කනගාටුව පළකර ඇති බවත් කථානායකවරයා සඳහන් කළේය.

මානූෂිය කාරණා පදනම් කර ගනිමින් මහලේකම්වරයාට එරෙහිව මේ අවස්ථාවේදී එවැනි විශ්වාසභංගයක් අනවශ්‍ය බව කථානායකවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad