රාජ්‍ය මුදල් අවභාවිතවීමක් ගැන රාජිතට එරෙහිව පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

රාජ්‍ය මුදල් අවභාවිතවීමක් ගැන රාජිතට එරෙහිව පැමිණිල්ලක්

රාජ්‍ය මුදල් අවභාවිතවීමක් ගැන රාජිතට එරෙහිව පැමිණිල්ලක්
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා විසින් ඊයේ (09) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යලාය වෙත අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ධිවර අමාත්‍යවරයාව සිටියදී රාජිත සේනාරත්න මහතා රාජ්‍ය මුදල් රුපියල් මිලියන 177ක් අවභාවිතා කරන ලදැයි මෙම පැමිණිලෙහි සඳහන් වේ.  මෙම රාජ්‍ය මුදල් අවභාවිතය සිදුව ඇත්තේ සිලාවතුර, ගුරුනගර් හා ගන්දර ධීවර වරායන් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කරන ලද පවර් ඒෂියා නම් උපදේශන සමාගමට මුදල් ගෙවීමේදී යැයිද එම පැමිණිල්ලේහි වැඩිදුරටත් දැක්වේ. 

එම සම්පූර්ණ පැමිණිල්ල මෙසේය.

අධ්‍යක්‍ෂ,
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය,
අංක 101,
ආර්.ඒ.ද.මැල් මාවත,
කොළඹ 03.

අධ්‍යක්‍ෂකතුමනි,

සිලාවතුර, ගුරුනගර් හා ගන්දර ධීවර වරායන් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයේදී සිදු කොට ඇති රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ කරනු ලබන පැමිණිල්ල

සිලාවතුර, ගුරුනගර් හා ගන්දර යන ධිවර වරායන් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යනයන් සිදු කිරීමේදී විශාල රාජ්‍ය මුදල් අවභාවිතවීමක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිර්දේශය මත පවර් ඒෂියා නම් උපදේශන සමාගමකට භාර දී තිබේ. එහිදී එම ශක්‍යතා අධ්‍යයනයට අදාළ ව්‍යාපෘතිය සඳහා ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිමේ සහ අධීක්‍ෂණය කිරිමේ ඒකකය(PIMU) හරහා අමාත්‍යවරයා රුපියල් මිලියන 177ක් වෙන් කරවාගෙන තිබේ.

මෙම ශක්‍යතා අධ්‍යයනයේ පැවැති බරපතල අඩුපාඩුකම් සම්බන්ධයෙන් ඉහත අමාත්‍යාංශය පසුව සිදුකළ අභ්‍යන්තර පරික්‍ෂණයකදී, ශක්‍යතා අධ්‍යයන විශේෂඥයන් පෙන්වාදී ඇත්තේ මෙවැනි ශක්‍යතා අධ්‍යයනයක් සඳහා වැය විය හැකි උපරිම මුදල රුපියල් මිලියන 9ක් පමණ බවයත මෙම ව්‍යාපෘතිය සඳහා නියමිත මුදලට වඩා 2000%ක (9:177) මුදලක්, එනම් රුපියල් මිලියන 177 වැය කොට ඇති බවය. 

(එම අභ්‍යන්තර පරික්‍ෂණ වාර්තාව මේ සම`ග අමුණා ඇත. එහෙයින් මෙම දූෂිත ව්‍යාපෘතියට සම්බන්ධ පරික්‍ෂෂණ කටයුතු කඩිනමින් අවසන් කර අදාළ මහජන මුදල් අවභාවිතයේ යෙදුනු සියලූ තරාතිරමේ අයකුටම උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,
නිරෝෂන් පේ‍්‍රමරත්න (පා.ම.)
දේශපාලන මණ්ඩල සභික
ජාතික නිදහස් පෙරමුණ. 
2016/06/09

No comments:

Post a Comment

Post Bottom Ad