රංගිරි දඹුලු නව විහාරාධිපති පත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

රංගිරි දඹුලු නව විහාරාධිපති පත්වෙයි

රංගිරි දඹුලු නව විහාරාධිපති පත්වෙයි
රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහනුවර චන්දානන්ද බෞද්ධ මහා විද්‍යාලයාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියන් පත්ව තිබේ.

ඊයේ (09) මහනුවර අස්ගිරි විහාරස්ථානයෙ මංගල උපෝසථාගාරයේ දී රැස් වූ අස්ගිරි කාරක සභාවේ අනුමැතිය මත මෙම පත්වීම සිදුකොට ඇත්තේ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහනා හිමියන් විසිනි.

ආචාර්ය ගොඩගම මංගල හිමියන් අස්ගිරි මහනායක ධූරය හෙබවූ අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිනමකි. 

No comments:

Post a Comment

Post Bottom Ad