අවධානමක් නිසා විදුලි බලාගාරයේ කැණීම් කටයුතු නවතයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

අවධානමක් නිසා විදුලි බලාගාරයේ කැණීම් කටයුතු නවතයි (PHOTOS)

අවධානමක් නිසා විදුලි බලාගාරයේ කැණීම් කටයුතු නවතයි (PHOTOS)
ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර මෙගාවෝට් 150ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමේ අපේක්ෂාවෙන් ආරම්භ කර ඇති බෝර්ඩ්ලන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රධාන උමං මාර්ගයේ කැණීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.

ඒ පොල්පිටියේ සිට කිතුල්ගල කළුබෝතැන්න දක්වා කිලෝමීටර් 08ක් දුරට ඉදිකිරීමට යෝජිත එම ව්‍යාපෘතියේ විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යාමට සැලසුම් කරමින් ඉදිකරන උමං මාර්ගයේ කැණීම් කටයුතු හේතුවෙන් පොල්පිටිය ගම්මානයේ නිවාස 33ක් පුපුරා ඉරිතලා ගිලා බැසීමට පටන් ගැනීම නිසයි.

මෙම අවධානම් තත්ත්වය මත එම ගම්මානයේ පවුල් 28කට අයත් පුද්ගලයින් 108දෙනෙකු මේ වනවිට ඉවත්කර තාවකාලිකව ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමට ගිනිගත්හේන පොලීසිය කටයුතු කර තිබේ. එම ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කරන්නේ තම නිවාසවලට සිදුව ඇති අලාභ හානි සඳහා අදාළ ව්‍යාපෘතිය මගින් වන්දි මුදල් ලබාදෙන බව කීවද තවමත් ඒවා ලැබී නොමැති බවයි.

එම ප්‍රදේශයේ ගුවනින් ගත් ඡායාරූප පහතින්...

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad