සේවකයන්ගෙන් සියයට දහයක්ම හොරු - ජනක රණවක  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

සේවකයන්ගෙන් සියයට දහයක්ම හොරු - ජනක රණවක 

සේවකයන්ගෙන් සියයට දහයක්ම හොරු - ජනක රණවක 
නගර සභා සේවකයන්ගෙන් සියයට දහයක්ම හොරු බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරපති ජනක රණවක මහතා පවසයි.
පුරපතිවරයා මේ බව කියා සිටියේ නගර සභා රැස්වීමට එක්වෙමිනි.

නගර සභාවේ ආදායම වැඩි කර ගැනීමට බදු පනවන බව පෙන්වා දුන් ජනක රණවක මහතා කසළ බද්දෙන් මුල් කාලයේ රුපියල් ලක්ෂ 10ක් නගර සභාවට හිමිවූ බව පෙන්වා දෙයි.

පසුව මෙය රුපියල් ලක්ෂ 2 දක්වා අඩුවූ බවත් එලෙස මුදල අඩු වීමට හේතුව විමසූවද මෙම නිලධාරීන් නිදා සිටින බවත් ජනක රණවක මහතා එහිදී සඳහන් කළේය. ඇතැමුන් මෙය ආදායමක් කරගෙන ඇති බවත් රාජ්‍ය දේපළ සොරකමට දැඩි දඬුවම් ලබා දිය හැකි බව පෙන්වා දුන් ජනක රණවක මහතා මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවද පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad