තාජුඩීන්ගේ ඝාතනය ගැන පාපොච්චාරණය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

තාජුඩීන්ගේ ඝාතනය ගැන පාපොච්චාරණය අවසන්

තාජුඩීන්ගේ ඝාතනය ගැන පාපොච්චාරණය අවසන්
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අද (10) දින අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නිල මැදිරියේ දී ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදුන්නේ ය.

ඒ අනුව බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත ගෙන එනු ලැබූ හිටපු ස්ථානාධිපතිවරයාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇති අතර ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අවස්ථාව තුළ කිසිවෙකුත් නොසිටි බව වාර්තා වේ.

වසීම් තාජුඩීන් ක්‍රීඩකයාගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහතා ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad