ගෝලීය සාම දර්ශකයෙන් ලංකාව පියවර 18ක් ඉදිරියට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ගෝලීය සාම දර්ශකයෙන් ලංකාව පියවර 18ක් ඉදිරියට එයි

ගෝලීය සාම දර්ශකයෙන් ලංකාව පියවර 18ක් ඉදිරියට එයි
මෙම වසරේ ගෝලීය සාම දර්ශකයහි ස්ථාන 18කින් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2015 වසරේ දී 114 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට මෙවර 97 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ.
ආර්ථිකය සහ සාමය සඳහා වන ආයතනය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව මේ වනවිට දකුණු ආසියාවේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කරන රට බවට ද ශ්‍රී ලංකාව පත්වී ඇත. එමෙන්ම මෑතකදී ජනමාධ්‍ය නිදහස අතින් ද ශ්‍රී ලංකාව පසුගිය කාලයට වඩා ඉදිරියට පැමිණ ඇති බව වාර්තා විය.

සමාජයීය අපරාධ, දේශපාලන ස්ථාවරත්වය, සාමකාමී මැතිවරණ, ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසු අදාළ ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙයි. ලංකාවට 97වන ස්ථානය හිමිවන විට ලොව වඩාත්ම සාමකාමී රට ලෙස අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ අයිස්ලන්තයයි.

ඉන්පසුව පිළිවෙළින් ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පෘතුගාලය, චෙක් ජනරජය, ස්විස්ටර්ලන්තය, කැනඩාව, ජපානය සහ ස්ලෝවෙනියාව පෙරමුණේ පසුවේ. වාර්තා වන අන්දමට යුරෝපා රටවල්, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගෝලීය සාම දර්ශකයේ පහල ස්ථානවලට පත්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad