'රවී කරුණානායක මැජික්කාරයෙක් වියයුතුයි ' - ඇමති හරීන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

'රවී කරුණානායක මැජික්කාරයෙක් වියයුතුයි ' - ඇමති හරීන් (VIDEO)

'රවී කරුණානායක මැජික්කාරයෙක් වියයුතුයි ' - ඇමති හරීන් (VIDEO)
ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන ආකාරයට වසර 10ක් පුරාවට කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය මාස 6කින් උසවා තැබීමට නම් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මැජික්කාරයෙකු වියයුතු බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (09) රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයට ඡන්දය විමසීමට පෙර සභාව හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, "මේ අය කියන විදියට රවී කරුණානායක කියන්නේ මැජික්කරයෙක් වියයුතුයි. කොහොමද මැජික් පෙන්නන්න ඕන. අවුරුදු 10ක් කාපු රට මාස6න් උස්සලා දෙන්න ඕනි. අවුරුදු 10ක් කාලා හොරකම් කරපු රට, ගෙවල් දීපු, කෝච්චිවල මාල කඩපු, හොරකම් කරපු හැමෝම ඉන්න ඒ හොරු රාජ්‍ය එකපාරට මැජික්කාරයෙක් වන රවී කරුණානායක එකපාරට සුද්දකරලා දෙන්න ඕනි. එහෙම කරන්න පුළුවන්ද? කාලයක් අවශ්‍යයි. මේකට කාලයක් අවශ්‍යයයි." බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශකළේ " හිටපු මුදල් ඇමති මෙතන නෑ. දැන් ඉන්න මුදල් ඇමතිට විශ්වාසභංගයක්. ජපානේ ගිහිල්ලා. එතකොට මොකක්ද ඒකෙන් කියන්නේ. ඒ මුදල් ඇමති දන්නවා මේ මුදල් ඇමති වැඩකාරයා කියලා. " ලෙසයි.

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad