ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නවතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නවතයි

ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නවතයි
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීමට මුදල් ලබාදීම සහ අර්ධ හානි සිදුවූ නිවාස සදහා වන්දි ලබාදීමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා නියෝග කර තිබේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊයේ(09) මෙම නියෝගය  නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සාලාව පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස මෙන්ම අර්ධ හානි සිදුවූ නිවාස වෙත වන්දි ලබාදීමට වෙන් කෙරෙන මුදල් ඇස්තමේන්තු කර එම මුදල් වෙන් කරන තෙක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීමට වෙන් කර තිබූ මුදල්  නිදහස් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad