ගම්මන්පිලගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ගම්මන්පිලගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගම්මන්පිලගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇති නිසා, අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, රුපියල් කෝටි 50 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පාර්ලිමේනතු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක එම්.ඩී.සී.පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ජොන් ෂැඩොක් මහතා ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad