විශ්වාසභංගයට මහින්ද, නාමල්, විමල් අත්සන් කර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

විශ්වාසභංගයට මහින්ද, නාමල්, විමල් අත්සන් කර නෑ

විශ්වාසභංගයට මහින්ද, නාමල්, විමල් අත්සන් කර නෑ
තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති, නාමල් රාජපක්ෂ හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් අත්සන් කර නොතිබූ බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මුදල් ඇමතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළව ඊයේ (09) පස්වරුවේ පැවැති ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමිනි.

අපට රටට පෙන්වීමට අවශ්‍ය වුණේ ජනපති අගමැති  මූලිකත්වයෙන් ගොඩනැගුණු ජාතික ආණ්ඩුවේ ශක්තිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි බව යැයි ද ඔහු සඳහන් කළේය. තමන්ට එරෙහි විශ්වාසභංගයේදී සහය පළ කළ සියලු දෙනාට තමන් ස්තූතිය පළකරන බව ද ඇමතිවරයා එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad