කක්කුස්සි කටාගේ බෙල්ලටම තොන්ඩුව වැටේ,ගිය වසරේ අප කල අනාවරණය පලදරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

කක්කුස්සි කටාගේ බෙල්ලටම තොන්ඩුව වැටේ,ගිය වසරේ අප කල අනාවරණය පලදරයි

යහපාලන ආණ්ඩුවේ කක්කුස්සි කටා යනුවෙන් විරුදාවලී ලත් “ප්‍රා” නායක රාජිත සේනාරත්නගේ පුත් යනැනමං නැති තින්ත ගා ගත් හිවලා වන චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු අප පසුගිය වසරේ ජුලි මාසයේ අනාවරණය කල අතර ඊයේ (9 වැනිදා )ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යලාය වෙත අදාළ දුෂණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.


රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා මහින්ද චින්තනය හරහාගත් තින්දුවකට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබි ඇති අතර ඒ සදහා නියමිත සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇති අතර සාමාන්‍යයෙන් මෙම අකාරයේ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරිම සදහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වන අතර වෙනවා.

නමුත් ඉතා සුක්ෂම අයුරින් එම මුදල ගෙවා සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරගත් රාජිත සහ ඔහුගේ පුත්‍ර One Asia නමින් චතුරගේ හොදම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර ධීවර වරායන් ඉදිකිරිම සදහා සකස් කරන ලද සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නැමති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අයකරගෙන තිබේ.

ධිවර අමාත්‍යවරයාව සිටියදී රාජිත සේනාරත්න මහතා රාජ්‍ය මුදල් රුපියල් මිලියන 177ක් අවභාවිතා කරන ලදැයි මෙම පැමිණිලෙහි සඳහන්ය. මෙම රාජ්‍ය මුදල් අවභාවිතය සිදුව ඇත්තේ සිලාවතුර, ගුරුනගර් හා ගන්දර ධීවර වරායන් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කරන ලද පවර් ඒෂියා නම් උපදේශන සමාගමට මුදල් ගෙවීමේදී යැයිද එම පැමිණිල්ලේහි සඳහන්ය. එම සම්පූර්ණ පැමිණිල්ල මෙසේය.

අධ්‍යක්‍ෂ,
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය,
අංක 101,
ආර්.ඒ.ද.මැල් මාවත,
කොළඹ 03.


අධ්‍යක්‍ෂකතුමනි,

සිලාවතුර, ගුරුනගර් හා ගන්දර ධීවර වරායන් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයේදී සිදු කොට ඇති රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ කරනු ලබන පැමිණිල්ල

සිලාවතුර, ගුරුනගර් හා ගන්දර යන ධිවර වරායන් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යනයන් සිදු කිරීමේදී විශාල රාජ්‍ය මුදල් අවභාවිතවීමක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිර්දේශය මත පවර් ඒෂියා නම් උපදේශන සමාගමකට භාර දී තිබේ. එහිදී එම ශක්‍යතා අධ්‍යයනයට අදාළ ව්‍යාපෘතිය සඳහා ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිමේ සහ අධීක්‍ෂණය කිරිමේ ඒකකය(PIMU) හරහා අමාත්‍යවරයා රුපියල් මිලියන 177ක් වෙන් කරවාගෙන තිබේ.

මෙම ශක්‍යතා අධ්‍යයනයේ පැවැති බරපතල අඩුපාඩුකම් සම්බන්ධයෙන් ඉහත අමාත්‍යාංශය පසුව සිදුකළ අභ්‍යන්තර පරික්‍ෂණයකදී, ශක්‍යතා අධ්‍යයන විශේෂඥයන් පෙන්වාදී ඇත්තේ මෙවැනි ශක්‍යතා අධ්‍යයනයක් සඳහා වැය විය හැකි උපරිම මුදල රුපියල් මිලියන 9ක් පමණ බවය. මෙම ව්‍යාපෘතිය සඳහා නියමිත මුදලට වඩා 2000%ක (9:177) මුදලක්, එනම් රුපියල් මිලියන 177 වැය කොට ඇති බවය. (එම අභ්‍යන්තර පරික්‍ෂණ වාර්තාව මේ සමග අමුණා ඇත.

එහෙයින් මෙම දූෂිත ව්‍යාපෘතියට සම්බන්ධ පරික්‍ෂෂණ කටයුතු කඩිනමින් අවසන් කර අදාළ මහජන මුදල් අවභාවිතයේ යෙදුනු සියලූ තරාතිරමේ අයකුටම උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,

නිරෝෂන් පේ‍්‍රමරත්න (පා.ම.)
දේශපාලන මණ්ඩල සභික
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad