මැතිසබේ පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු 13ක් අද චීන සංචාරයක - ඩලස්, වාසුත් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

මැතිසබේ පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු 13ක් අද චීන සංචාරයක - ඩලස්, වාසුත් යයි

මැතිසබේ පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු 13ක් අද චීන සංචාරයක - ඩලස්, වාසුත් යයි
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයකට අනුව අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අද (10)  චීනයේ සංචාරයක නිරතවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් මෙම චාරිකාව සඳහා තෝරාගෙන ඇත. මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හිමිව ඇත.

මීට අමතරව මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ජේ. සී අලවතුවල, වඩිවේලු සුරේෂ්, ජයන්ත සමරවීර , කේ. කේ පියදාස, සන්දිත් සමරසිංහ, නිහාල් ගලප්පත්ති, අරවින්ද් කුමාර්, විජිත බේරුගොඩ සහ හෙක්ටර් අප්පුහාමි සහභාගීවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad