රතුපස්වල නඩුවක් සමථයකට පත්කර ගැනීමට හිමිනමක් එකඟවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

රතුපස්වල නඩුවක් සමථයකට පත්කර ගැනීමට හිමිනමක් එකඟවෙයි

රතුපස්වල නඩුවක් සමථයකට පත්කර ගැනීමට හිමිනමක් එකඟවෙයි
පසුගිය 2013 වසරේ ජලය ඉල්ලා රතුපස්වල පැවති උද්ඝෝෂණය අතරතුර ඇති වූ ගැටුමේ දී ඌරුවිල විහාරස්ථානයට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සමථයකට පත් කරගැනීමට තමන් කැමති බව එම විහාරයේ විහාරාධිපති හිමියන් අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අද (08) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විහාරාධිපති හිමි යාගොඩ සීවලී හිමි විසින් අධිකරණයට මේ බව දැනුම් දී ඇත.
2013 වසරේ රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය අතරතුර වැලිවේරිය ඌරුවිල විහාරස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් එහි දේපළවලට හානි සිදුවූ බවට ප්‍රදේශවාසීන් 23 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
කෙසේවෙතත් විහාරස්ථානයට ප්‍රහාරය එල්ල වන විට පුද්ගලයින් 04දෙනෙකුගේ දේපළවලට ද හානි සිදුව ඇති බවට පොලිසිය පැමිණිලි කර ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව සමථයකට පත් කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ජූලි මස 14 වන දිනට නඩුව කල් දැමූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදිනට එම පුද්ගලයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට දැනුම් දි ඇති බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad