දූෂිත බවට චෝදනා නැගුණු මැතිවරණයකින් පසුව උගන්ඩා ජනපති පදවි ප්‍රාප්තිය විශාල ජන මර්නයක් මධ්‍යයේ පසුගිය දා පැවැත්විණි.
එහි ආරධිත අමුත්තෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීම විශේෂයෙන් කැපී පෙණුනි. 30 වසරක් පුරාවට උගන්ඩාවේ ජනාධිපතිධූරය දැරූ මුසවේනි මහතා යළිත් මෙලෙස බලයට පත්වුයේ නීති විරෝධී ක්රමවේදයකින්වන බවට චෝදනා රාශියක් එල්ල වූ අතර එදින එම උත්සව සභාව ද විරෝධතා භූමියක් බවට පත්ව තිබුණි.
ඒ ඇමෙරිකානු, යුරෝපා සංගම් හා කැනඩා තානාපතිවරු උගන්ඩා ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් උත්සව සභාවෙන් නැගිට යාමත් සමඟයි. අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් වරෙන්තු ලැබූ සූඩාන ජනපති බසීර් මහතා උත්සවයේ ආරාධිතයෙකු වීමත් ජනාධිපති මුසවේනි තම කතාවේ දී අන්තර්ජාතික අධිකරණය හාස්‍යයට ලක්කිරීමත් නිසා මේ විරෝධය තව තවත් උත්සන්න වී තිබේ.
මීට අමතරව රෝබට් මුගාබේ මහතා ඇතුළු අප්‍රිකාවේ මතභේදාත්මත නායකයින් ඊට ආරාධිතයින් ලෙස සහභාගී වීමත් කාගේත් කතාබහට ලක්වන්නක් විය. දැඩි රැකවල් මැද පැවති උත්සවය අතරතුර රටේ විවිධ ප්‍රදේශවලින් විරෝධතා දැක්වීම් සිදුවූ අතර රජය විසින් ජනතාවගේ සියලු සන්නිවේදන අවස්ථා අඩාල කරමින් Facebook ඇතුළු සමාජජාල වෙබ් අඩවි අත්හිටුවා තිබූ බව ද වාර්තා වේ.
උත්සවය අවස්ථාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධිතයින් අතර සිටිනු විදෙස් මාධ්‍ය කැමරාවල සටහන්ව තිබුණි.
එම වීඩියෝව පහතින්....

No comments:
Post a Comment