බ්‍රිතාන්‍යයේ පැවති දූෂණ විරෝධී සමුළුවට සහභාගීවීම සඳහා එංගලන්තයට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ඊයේ (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්අනතුරුව ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් පැවතිණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
සුහද කතාබහකින් පසු දෙදෙනා අතර නිළ සාකච්ඡා ආරම්භ වී ඇති අතර සංහිඳියා වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියළු සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශකොට තිබේ.
ඉන්දියාවේ ද සහයෙන් බටහිර ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද මෙහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කළේ මෙම සාකච්ඡාවලින් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවයි.
ඡායාරූප පහතින්....

No comments:
Post a Comment