තිරප්පනය, සෙලස්තිමඩුව ප්‍රදේශයේදී පසුගියදා තවත් දෙදෙනෙක් සමග වෑන් රථයක ඝාතනය කර සිටි එස්.එෆ් බංඩා නැමැත්තා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනුරාධපුර බටහිර සංවිධායක අනුර බණ්ඩාර මහතාගේ සොහොයුරා බව වාර්තා වනවා.
අනුර බණ්ඩාර මහතා nethfm වෙත කරුණු දක්වමින් සඳහන් කළේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතා අනුව තම සොහොයුරා අපරාධවලට සම්බන්ධවී ඇති බවයි.
සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ මිනී මැරුම් නඩු දෙකක් සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ නඩු නවයක් පවරා තිබෙනවා. කප්පම් කෑම් ඇතුළු නඩු දහයක් තඹුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් උසාවිවල ද ඔහුට එරෙහිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එස්.එෆ් බංඩා නැමැත්තාගේ සොහොයුරා වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනුරාධපුර බටහිර සංවිධායක අනුර බණ්ඩාර මහතා පසුගිය කාලයේ දී තම සංවිධායක පත්වීම ලබා ගැනීම සඳහා කොළඹ පැමිණියේ ද අමුඩයක් හැඳගෙනයි.
උපුටා ගැනීම : Nethfm
Saturday, May 14, 2016
එස්.එෆ් බංඩාගේ පැටිකිරිය හෙළිවේ - අයියා ආසන සංවිධායක!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment