ලොව ජීවත්ව සිටි වයස්ගතම කාන්තාව බව කියන සුසන්නා මුෂාට් ජෝන්ස් අවුරුදු 116 දී ඇමරිකාවේ නිව්යෝක්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජෝන්ස් 1899 දී ඇමරිකා එක්සත් ජනපදියේ දකුණු ප්‍රදේශයේ අලබාමා හිදී උපත ලද්දාය. 1922දී උපාධිය ලබාගත් ඇය උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූවාය. පසුව ඇය නිව්ජර්සි හා නිව්යෝක්හි පදිංචිව සිටියාය. ඇය ගෘහ සේවිකාවක හා ළමාරක්ෂාව සපයන්නියක ලෙස සේවය කළාය.
ඇය නිව්යෝක් නුවරට පැමිණි පසු ඇගේ උසස් පාසලේ සමකාලීනයන් කණ්ඩායමක් සමග අප්‍රිකා හා ඇමරිකා තරුණ කතුන්ට පාසල් යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ පදනමක් ඇරඹුවාය. ගිනස් ලෝක වාර්තා සහ නිව්යෝක්හි වැන්ඩාලියා ජ්‍යෙෂ්ඨ සංසදය ට අනුව එම තොරතුරු සනාථ කළ හැකි බව එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
ඇය 1965දී විශ්‍රාම ගොස් ඇති අතර ඇගේ දීර්ඝායුෂ සඳහා හේතුව වැඩි නින්ද බව ඇය කියා ඇත. එසේම ඇය කිසිදාක දුම්පානය හෝ ඇල්කොහොල් පාවිච්චි කර නැති බවද පැවසේ. මෙතෙක් ලොව වාසය කළ වයස්ගතම තැනැත්තා ලෙස සනාථ කරගෙන ඇත්තේ ප්‍රංශයේ ජෙආනා කැල්මෙන්ට්ය. ඇය 1997 දී මිය ගිය අතර ඒ වන විට ඇයට වයස අවුරු 122 දින 164 ක් විය.
Saturday, May 14, 2016
ලොව වයස්ගතම කත මියයයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment