රුවන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක එරික් දුසින්ගිෂිමනා(Eric Dusingizimana) එක දිගට වැඩිම වේලාවක් පුහුණු දැළ අබියස පන්දුවට පහර දෙමින් සිටිමින් නව ලෝක වාර්තාවක් තැබීය.
ක්‍රිකට් ක්‍රීඩකයකු පුහුණු දැළ අබියස රැඳී සිටීම අතින් මින් පෙර තබා තිබුණ පැය පනස් එකක ගිනස් වාර්තාවයි එරික් දුසින්ගිෂිමනා විසින් බිද හෙළන ලද්දේ.
ඔහු එම දුෂ්කර කාර්යයට යොමු වී ඇත්තේ රුවන්ඩාවේ ගොඩ නැගීමට යන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා අරමුදල් රැස් කිරීමේ පියවරක් වශයෙන් බවයි වාර්තා වන්නේ. රුවන්ඩා ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ ප්‍රතිරූපය නංවා ලීමට ගනු ලැබුණ අලුත්ම ප්‍රයත්නය මෙයයි.
තමා එතරම් දීර්ඝ වෙලාවක් පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දු යැවීමට එක් වෙන මෙන් එරික් දුසින්ගිෂිමනා රටේ ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබුණ බවයි වාර්තා වන්නේ.
Saturday, May 14, 2016
රුවන්ඩාවෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment