බදුල්ල - සොරණාතොට ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට පානීය ජලය සැපයෙන වැලිහිද ප්‍රජාමූල්‍ය ජල ව්‍යාපෘතියට අසූචි මිශ්‍ර වී තිබේ.
ඒ පිළිබඳ සිදුකළ රසායනාගාර පරීක්ෂණයකින් එම කරුණු තහවුරු වූ බව එම විද්‍යාලයේ විදුහල්පති බී.ජී. සිරිපාල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පාසල් සිසුන්ට නිවෙස්වලින් උතුරවා නිවාගත් ජලය රැගෙන එන ලෙස දැනුම් දී තිබේ. පාසල් සිසුන් කිහිප දෙනෙකුට කහ උණ වැළඳීමෙන් අනතුරු ව පාසල් සහ සෞඛ්‍ය බලධාරීන් ඊට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:
Post a Comment