රාජ්‍ය නිලධාරීන් නැතිනම් ආපදා දුක 'ජනපතිට කියන්න' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

රාජ්‍ය නිලධාරීන් නැතිනම් ආපදා දුක 'ජනපතිට කියන්න'

රාජ්‍ය නිලධාරීන් නැතිනම් ආපදා දුක 'ජනපතිට කියන්න'
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක්නොවුණු ස්ථාන තිබේනම් "ජනපතිට කියන්න"වැඩසටහනට දැනුම්දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව 1919 දුරකථන අංකය ඔස්සේ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මේ අවස්ථාවේ සිට එම තොරතුරු ලබාගැනීමට නියමිත බවත්, ජනාධිපති ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad