පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට එහි ඇතුළු වීමට ඉඩ නුදුන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැන සොයාබලා වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා විසින් මාධ්‍යවේදීන්ට උසාවිය ඇතුළට යාම තහනම් කළ බවත් ඔහු එම ක්‍රියාව සිදුකළේ උසාවියේ අනුදැනුමකින් තොරව තනිමතයට බවත් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කර තිබිණි.
ඒ සම්බන්ධව කරුණු සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනටමත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතාව පත් කර ඇති බව වාර්තා ද වේ. අගමැතිවරයා සඳහන් කරනුයේ විශේෂ කාරණයක් සම්බන්ධයෙන් උසාවිය තීරණයක් දී නැත්නම් මාධ්‍යවේදීන් අවහිර කිරීමට පොලීසියට කිසිම අයිතියක් නොමැති බවයි.
මෙවැනි සිද්ධියක් මීට පෙර ඇඹිලිපිටිය අධිකරණයේ දී ද සිදු වූ අතර එම ක්‍රියාවට සම්බන්ධ උසාවි පොලිස් නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

No comments:
Post a Comment