ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 18 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාර්කය අභියස දී පැවැත්වෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
එම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතයි. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ය.
එසේම නිදහස් චතුරස්‍රය අභියසදී දී සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් එම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. කිසිදු එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සවයක් පැවැත්වීමට ඉඩක් නොමැති බවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙක් කිසිදු බියක් ඇති කර ගත යුතු නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
පසුගිය 05 වැනි දා ජනාධිපතිවරයාට රණවිරු කොඩිය පැළඳවීමෙන් ජාතික රණවිරු සැමරුම් වැඩසටහන් ආරම්භ කළ බවත් පළාත් කිහිපයක ම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බවත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළා ය.

No comments:
Post a Comment