දැයට කිරුළේ වංචා ගැන විමර්ශන අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

දැයට කිරුළේ වංචා ගැන විමර්ශන අවසන්

දැයට කිරුළේ වංචා ගැන විමර්ශන අවසන්
අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 2013 වසරේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සිදු වූ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් සිදු කළ විමර්ශනය අවසන් කර තිබේ.

සිද්ධියට අදාළව නොතීසිලත් පාර්ශවයේ 07 දෙනෙකු අද (13) කොමිසම හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරු ව විමර්ශනය අවසන් කළ බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඒ අනුව කඩිනමින් එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම  සඳහන් කරයි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා තාවකාලික වැසිකිළි සහ කසල කළමණාකරණයට අදාළව සිදු කළ ව්‍යාපෘති සඳහා අම්පාර නගර සභාව විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇති බවට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

පැමිණිල්ලට අදාළව අම්පාර හිටපු නගර සභා සභාපති ඉන්දික නලින් ජයවික්‍රම, නගර සභාවේ හිටපු ලේකම් තිලක් ජයසිංහ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු නොතීසිලත් පාර්ශව ලෙස නම් කළ බව එම කොමිසම පෙන්වා දෙයි. ඔවුන් විසින් රුපියල් කෝටි 11ක පමණ මුදලක් නිසි ක්‍රමවේදයෙන් බැහැර ව වංචා කර ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad