ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්සන්දනය කිරීමෙන් ඵලක් නොමැති බවත් ඔවුන් අතර පැවති තරඟය මේ වනවිට අවසන්ව ඇති බවත් ශ්‍රිලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන්කළේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. බහුතර පිරිසක් රැදී සිටින්නේ පුද්ගලයා මත නොව පක්ෂය මත නිසා ශ්රීපනිප පාක්ෂිකයින්ගේ අරමුණ වියයුත්තේ මීළඟට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිධූර අපේක්ෂකයා සහ ශ්‍රිලනිපය ප්රමුඛ ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කිරීම බව ද හෙතෙම කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ වර්තමාන ජනාධිපතිවරයා නිරන්තරයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ සියලුදෙනා ඒකරාශීකර ගැනීමේ ස්ථාවරයේ සිටියයුතු නිසා වුවත් අවශ්‍යතැනදී ශ්‍රිලනිපයේ අනාගතය වෙනුවෙන් ගතයුතු තීරණ ගනු ඇති බවයි.
එම වීඩියෝව පහතින්...

No comments:
Post a Comment