බස්නාහිර දිශාව අසුභ දිශාවක් නොවන බවත් එම දිශාව බලා 1862 සිට අවස්ථා 24 කදී හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කර ඇති බවත් රාජ්‍ය නැකැත් කමිටුව සඳහන් කරයි.
එසේ ම ආහාර අනුභවය සහ වැඩඇල්ලීමේ චාරිත්‍රය ද එලෙස අවස්ථා 31කදී ඉටු කර ඇති බවත් එම නැකැත් කමිටුව පෙන්වා දී ඇත. මෙම නැකැත් වැරදි බවට හිටපු ජනාධිපතිවරයාට උපදෙස් ලැබී ඇති බවත් ඇතැම් විට ඔහු එය පිළිගෙන ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට ඇතැයි ජ්‍යෙතිෂ්‍යවේදී සුනිල් කුමාර ගම්ලත් මහතා සඳහන් කරයි.
බොහෝ පුද්ගලයින් එම නැකැත් වැරදි බවට තමාට ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ බවත් බොහෝ අය නොව එය ප්‍රකාශ කළේ කවුරුන් ද යන්න පැහැදිලි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
"12 වැනි දා රූපවාහිනී නාලිකාවක වාද පිටියේ වාදයක් නොමැති ව තනි ව මතය ප්‍රකාශ කරපු අය. වාද කරන්න දෙයක් නෑ මෙතනට ඇවිල්ලයි කියන්න තිබුණේ. එතුමා මේ කමිටුවේ සාමාජිකයෙක්." යනුවෙන් ඔහු සඳහන් කළේ ය. ඔහු කවුරුන් ද යන්න මාධ්‍යවේදියෙක් විසින් සුනිල් කුමාර ගම්ලත් මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එම පුද්ගලයා පියසේන රතුවිතාන මහතා බවයි.
එම වීඩියෝව පහතින්,
බුද්ධි මාධව

No comments:
Post a Comment