තමන්ට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව අවාසිදායක වන අකාරයේ ප්‍රවෘත්ති පලකිරිම වහාම නතර නොකලහොත් හිරු ටිවි නාලිකාවේ සංඛ්‍යාත තහනම් කිරිමට කටයුතු කරන වට තර්ජනය කරමින් හිරු ටිවි හා හිරු එෆ්.එම් ඇතුලු ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තර්ජනාත්මක අයුරින් නියෝග කර ඇති බව රෙනෝ විසින් අනාවරණය කර තිබේ.
මිට දින කිහිපයකට පෙර සිය දුරකතනයට ඇමතුමක් ගත් මෛත්‍රීපාල සිරිසේන ඉතා නරක වචන භාවිතාකරමින් බැනවදි ඇති අතර ආණ්ඩුවට පක්ෂව පමණක් පුවත් වාර්තාකිරිමට නොහැකිනම් සංඛ්‍යාත තහනම් කර එවා රෝෂාන්ත කාරියප්පෙරුමට අයත් සියත ටිවි නාලිකාවට ලබාදිමට කටයුතු කරන බවටද තර්ජනය කර තිබේ. මේ අතර දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවිරටද ජනාධිපතිවරයා තර්ජනය කර තිබේන බව අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් අප කල විමසිමකදි ඔහු සිය අදහස් දැක්විම අනවශ්‍ය බව දන්වා සිටියා.
මේ අතර ආණ්ඩු විරෝධී මත සමාජගත් නොකරන ලෙස තමන් රූපවාහිනී නාලිකා දෙකකට දැන් වූ බව ජනාධිපති මෛත‍්‍රිපලා සිරිසේන මහතා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී පවසා තිබේ.එම රූපවාහිනී නාලිකා දෙක ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කිරීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින්නේ යයිද කී ජනාධිපතිවරයා පහුගිය කාලය පුරාම තමන් මේ ගැන අධ්‍යනය කල බවද කියා තිබේ.
“මේ විදියට හැසිරෙන්න එපා ආණ්ඩුව ඇවිල්ල තාම මාස හය හතක්වත් නෑ’ කියා තමන් එය නාලිකා අයිතිකරැවන්ට කතා කර දැන්වූ බවද ඇමති මණ්ඩලය හමුවේ පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩුව දී ඇති මාධ්‍ය නිදහස මිනිසුන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට මාධ්‍ය දැනගත යුතු බවද සිරිසේන පවසා තිබේ.”
පසුගිය රජය සමයේ (TRC) විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ප‍්‍රියන්ත කාරියප්පෙරුම පසුව 2010 මැතිවරණය සමයේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට රහසේම උදවු කිරිමට ගොස් රාජ්‍ය ද්‍රෝහින් වු අතර පසුව අනාතව සිටි රොෂාන්ත සහ ප්‍රියන්ත පසුගිය ජනාධිපතිවරණයේදි රෙදි නැතිව මහින්ද රාජපක්ෂට බලෙන්ම කඩේ ගියද අවසානයේ මෛත්‍රී ජනපතිවිම නිසා යලිත් අනාථනයන්ගේ ගොඩට වැටෙන්නට සිදුවිය.
යලිත් විවිධ මාෆියා කාරයන් හරහා සිරිසේනට ලක්ව සිටින ප්‍රියන්ත කෙසේ හෝ යහපාලන ආණ්ඩුවේ ප්‍රභල තනතුරක් ලබාගැනිම සදහා වෙහෙසෙමින් සිටින අතර ඒ සදහා සිරිසේනගේ කේලාම් බට්ටාගේ තනතුර මේ වනවිට ප්‍රියන්ත බලහත්කාරයෙන්ම ලබාගෙන තිබේන අතර දවසකට අවම එක් අවස්ථාවක රජ ගෙදරට රිංගන ප්‍රියන්ත සිරාගේ කේලාම් මනදොළ පිනවිමට කටයුතු කරන බව ජනාධිපති නිල නිවසේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
ඡායාරූපය පහතින් බලන්න...
උපුටා ගැනීම : Lankanewsweb.today
Saturday, April 23, 2016
දැන ගනින් ඔබලගේ license තහනම් කරනවා-රජගෙදරට කේලාම් බට්ටෙක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment