නුවරඑළියේ ආසනයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ මැයි දින රැලියට කිසිදු සාමාජිකයෙකු සහභාගි නොවන බව තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා අවධාරණය කරනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මගින් ගාල්ල නගරයේ පවත්වන මෙවර මැයි දින රැලියට නුවරඑළිය ආසනයෙන් කිසිදු සාමාජිකයෙකු සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය මගින් කිරුළපනේ පවත්වන මැයි දින රැලියට තම නායකත්වය යටතේ සාමාජිකයන් පන්සිය දෙනෙකු සහභාගි වන බවද ඔහු සදහන් කළා.
නුවරඑළිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයා විසින් කටයුතු කළ අමාත්‍ය නවින් දිසානායක මහතා නිදහස් පක්ෂය හැර ගොස් දැනට වසර එකකුත් මාස පහක් ගතවි ඇතත් ඒ වෙනුවෙන් නව සංවිධායකවරයෙකු පත් කිරිමට නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා මහලේකමිවරයා අපොහොසත් වි ඇති බවත් එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නුවරඑළිය ආසනයෙන් නායකත්වය ගැනිමට කිසිවෙකු නොමැති නිසා තම නායකත්වය යටතේ මෙම පිරිස ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගි වන බවයි.
මෙම රැස්විමට සහභාගිවන අයහට විනය පරික්‍ෂණයක් පවත්වනවානමි එයටද තමන් මුහුණ දිමට සුදානමි බවත් එවැනි විනය පරික්‍ෂණයක් පවත්නවානමි මුලින්ම එම විනය පරික්‍ෂණය පැවැත්විය යුත්තේ පක්ෂයේ සභාපතිවරයාට හා මහා ලේකමිවරයාට බවයි අශෝක සේපාල මහතා වැඩි දුරටත් පවසා සිටියේ.
උපුටා ගැනීම : Lankanewsweb.today
Saturday, April 23, 2016
සීතල නුවරඑළියෙන් මෛත්‍රීට රත් වෙන්න කනේ පහරක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment