ප්‍රවීණ සිනමාවේදි ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ප්‍රවීණ සිනමාවේදි ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. 1939 උපත ලැබූ ඒ මහතා මියයන විට 77 වැනි වියේ පසුවිය.
සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ  ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු අතින් සිදුවූ මෙහෙවර සුවිසල්ය.


 ‘දවස’ පුවත්පතේ ආරම්භක කතෘවරයෙකු ලෙස සැලකෙන ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකා‍ චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙසද කටයුතු කර තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad