සජිත් පිළ ගාල්ලේ රැළියට බැහැලා වැඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

සජිත් පිළ ගාල්ලේ රැළියට බැහැලා වැඩ

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළේ බත් බැලයන්ගේ මැයි දින රැළියට සම්පුර්ණ සහය ලබාදිමට තමන් ඇතුලු කණ්ඩායම කටයුතු කරන බව එජාපයේ නමට නී.නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පොරොන්දු වි ඇති බව සජිත් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ඒ අනුව් ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීගේ ශ්‍රීලනිප අවසන් මැයි රැළියට හම්බන්තොට එජාප ක්‍රියාකාරින් රැගෙන යන ලෙසට මේ වනවිටත් හම්බන්තොට සජිත් පිළේ සංවිධායකයන්ට දැනුම් දි තිබේ. මිටඅමතරව සජිත් පිළ නියෝජනය කරන ගල්ලේ පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න ද ගාල්ලේ රැළියට සහය ලබාදිමට එකගවි ඇති අතර සජිත් පිළේ කණ්ඩායම් මෙහෙයවමින් ගාල්ලේ රැළියට සෙනග ගෙන්වා ගැනිම් සදහා මෛත්‍රී ලග සිටින එජාප සජිත් පිළේ මහා මොලකරු වන ශිරාල් ලක්තිලක වන අතර ශ්‍රිලනීප මැයි රැළිය යනු එජාප අනාගත නායකයාගේ මැයි රැළිය ලෙස අර්ථ දැක්විමටද ඔහු කටයුතු කරමින් සිටි.

එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය බලය උපරිමයෙන්ම භාවිතා කරමින් මෙවර මැයි දිනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර මාලිගාවත්ත පී. බී. සිරිසේන ක්‍රීඩාංගණයෙන් මැයි පෙළපාලිය ආරම්භ කොට බොරැල්ල කැම්බල් පිටිය දක්‌වා පැමිනිමට නියමිතයි.

ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 50ක් පිරෙන්න සෙනග ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන කල ප්‍රකාශය අප විශේෂ වාර්තාකරු අනාවරණය කිරිමත් සමග එම පුවතට සිය Facebook පිටුව හරහා එදිනම පිලිතුරු දිමට වාස් කටයුතු කර තිබේ.



උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad