ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි - රජයෙන් හිමිවන මුදල මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි - රජයෙන් හිමිවන මුදල මෙන්න

ලබන 25 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා අනවසර ගිනිඅවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.

ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවත් බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. 

ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද, ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා.‘ යැයි ද ඔහු පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad