තොන්ඩමන් අද අධිකරණයට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

තොන්ඩමන් අද අධිකරණයට (PHOTOS)

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (01) කැඳවු නඩු විභාගයකට නොපැමිණිම හේතුවෙන් වරෙන්තු ලැබූ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අද (02) මෝසමක් කැඳවමින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වු බව වාර්තා වේ.

හැටන් දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා විවෘත අධිකරණයේදි ප්‍රකාශකර සිටියේ අධිකරණයට නොපැමිණි වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නම් එය රජයේ පිළිගත් වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කළ යුතු බවයි.  

සැකකාර සෙන්දිල් තොන්ඩමන් මහතාට දැඩි සේ අවවාද කිරීමෙන් අනතුරුව නැවතත් මෙම නඩුව සැප්තැම්බර් මස 06 වැනි දිනට කැඳවීමට නියමිත බැවින් එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඡායාරූප පහතින්....




රංජිත් රාජපක්ෂ - හැටන්

No comments:

Post a Comment

Post Bottom Ad