මහින්දට වඩා ලොකු සෙනඟක් ලොකු පිට්ටනියකට ගෙන්නවන්න මෛත‍්‍රී පිල සැරසේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

මහින්දට වඩා ලොකු සෙනඟක් ලොකු පිට්ටනියකට ගෙන්නවන්න මෛත‍්‍රී පිල සැරසේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ආණ්ඩුවට එරෙහි කණ්ඩායම්වලට විරුද්දව ජන රැළියක් හා විරෝධතාවයක් පවත්වා බලය පෙන්විය යුතු යයි එම පක්‍ෂ ආණ්ඩුවේ පාර්ශවයේ පිරිසක් සාකච්චා කරමින් සිටිති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ සිය ජන බලය නොපෙන්වුවහොත් ඔහුට කිසිදු ජන පදනමක් නැතැයි මහජනයා අතර තහවුරු වනු ඇතැයිද එම පිරිස සාකච්චා වී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාද සහභාගී කර ගනිමින් මෙම රැළිය පැවැත්විය යුතු බවත් හයිඞ් පිටියේ ‘ජන සටන’ විරෝධතාවයෙ සහභාගී වූ ප‍්‍රමාණයට වඩි විශාල ප‍්‍රමාණයක් ගෙන්වා ඊට වඩා විශාල පිට්ටනියක පිරවිය යුතු බවත් අවධාරණය කෙරී ඇත.

කෙසේ වෙතත් තවත් පිරිසක් තර්ක කර ඇත්තේ යම් හෙයකින් බලාපොරෙත්තු වන පිරිස් සහභාගීත්වය නොපැමිණියහොත් දැන් ඇති අයහපත් තත්වය දෙගුණ තෙගුණ වනු ඇති බවයි. එනිසා මැයි දිනයටම සමගාමීව මෙම විරෝධය පැවැත්යීම සුදුසු යයිද ඔවුන්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad