තරුණ මාධ්‍යවේදීන්ගෙන් කිරිඇල්ලට විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

තරුණ මාධ්‍යවේදීන්ගෙන් කිරිඇල්ලට විරෝධය

උසස් අධ්‍යාපන අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යවේදියෙකුට අශෝභන ලෙස බැණ වැදීමේ සිද්ධිය හෙළා දකිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තම හිතවතෙකුට කැළණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලබාදෙන ලෙස ඉල්ලා නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් දුරකතනයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා එම මාධ්‍යවේදියාට බැණ වැදුණු බව එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ තමාට ලැබුණු ප්‍රවෘත්තිය ගැන අනෙක් පාර්ශවයෙන් විමසමින් සමබර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට බැණ වැදීම තම සංගමය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad