කරුවලගස්වැව කැලයකින් දැඩි දුර්ගන්දයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

කරුවලගස්වැව කැලයකින් දැඩි දුර්ගන්දයක් (PHOTOS)

කරුවලගස්වැව - කුඩා මැදවච්චිය ගම්මානයේ වන රොදක තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.

එම වන අලියා දින 10 කට පමණ පෙර මිය යන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ගම්වාසීන් සඳහන් කරයි.

කුඩා මැදවච්චිය ගම්මානයට ආසන්නයේ ඇති කටු පඳුරු සහිත වන රොදක් තුළින් හමා ගිය දුගද සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මිය ගිය එම වන අලියාගේ සිරුර හමු වී ඇත. ඇතැම් විට කිසියම් අයෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට විශ්වාස කරයි.

මිය ගොස් ඇති වන අලියාගේ මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ ය.

පුත්තලම - ජුඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad