ප‍්‍රභාකරන් මගේ හතුරෙක් නොවෙයි.. හතුරා මහින්දයි.. ඔහු ඊටත් වඩා පහත් අයෙක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

ප‍්‍රභාකරන් මගේ හතුරෙක් නොවෙයි.. හතුරා මහින්දයි.. ඔහු ඊටත් වඩා පහත් අයෙක්..

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් තම සතුරෙක් නොවන බවත් මහින්ද රාජපක්‍ෂ, ප‍්‍රභාකරන්ට වඩා දුෂ්ඨයෙක් ද්‍රෝහියෙක් බවත් ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ අදහස් පවසන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත හා සම්මුක සාකච්චාවකට එක්වෙමිනි.

“ප්‍රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු කවුරුවත් අපේ පෞද්ගලික සතුරො නෙවෙයි. ඒ අය වෙනම මතයක ඉඳලා රට දෙකඩ කරන්න හදපු නිසා අපි අපේ රැකියාවේ වගකීම මත ඒ අයව විනාශ කළා. 


මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වඩා පහත් මට්ටමේ පුද්ගලයෙක්. ඔහු ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා අපට පෞද්ගලිකව පහර දුන්නා. අපේ පවුලට පහර දුන්නා. මහින්ද ප්‍රභාකරන් එක්ක සංසන්දනය කරන එක ප්‍රභාකරන්ට කරන නිගරුවක්” යයිද ඇමතිවරයා පවසයි.

– ඉදිරිදා ලංකාදීප 20/03

No comments:

Post a Comment

Post Bottom Ad