විශාකාවට සාපෙළ පළමු තැන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

විශාකාවට සාපෙළ පළමු තැන

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ සසඳි සත්සරණි හෙට්ටිආරච්චි සිසුවිය සමත් වුණි.

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඇය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව තිබේ. 

අපරදිග සංගීත අංශයෙන් ද දක්ෂතා දක්වන්නියක් වන සසිඳි සංගීත ක්ෂේත්‍රයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් ද හිමිකරගෙන සිටින අතර ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරු වෘත්තීයට පිවිසීම තම අනාගත බලාපොරොත්තුව බව ඇය පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ දෙවැනි තැන කොළඹ නාලන්ද විදුහලේ සමල් පුන්සර සිසුවා ලබාගෙන තිබෙන අතර තෙවැනි ස්ථාන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.එම්.රත්නායක හා මහනුවර මහා මායා බාලිකා විදුහලේ ඉන්දීවරී රත්නායක යන සිසු සිසුවියන් හිමිකරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad