යාපනය රෝහලේ හෙද හෙදියන් වැඩවර්ජනයක  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

යාපනය රෝහලේ හෙද හෙදියන් වැඩවර්ජනයක 

යාපනය රෝහලේ හෙද හෙදියන් වැඩවර්ජනයක 
යාපනය ශික්ෂණ රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගිය පුද්ගලයෙකු විසින් රෝහලේ හෙදියකගේ රාජකාරියට බාධා කිරීම නිසා අදාල පුද්ගලයාට නීතියෙන් කටයුතු කරන මෙන් ඉල්ලා ඊයේ (19) රෝහලේ සියලුම හෙද හෙදියන් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් බාහිර රෝගීන් දැඩි අපහසු තාවයන්ට පත් වූහ.

පසුගිය 16 වැනි දා යාපනය ශික්ෂණ රෝහලේ 19 වාට්ටුවේ රෝගියෙකු බැලීමට ලන්ඩන් සිට පුද්ගලයෙකු පැමිණ ඇති අතර අදාල පුද්ගලයාට රෝගීන් බලන වේලාවට පැය බාගයක් ප්‍රමාද වී පැමිණියද ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයාට දුරක සිට පැමිණීම නිසා රෝගියා බැලීමට අවසර ලබා දුන්නද රෝගියා නැවතී සිටි වාට්ටුවේ හෙදියක් විසින් එයට විරෝධය පෑම මත එහි උණුසුම් තත්වයක් හට ගෙන ඇත.

මේ අනුව 18 ‍වැනි දා යාපනය ශික්ෂණ රෝහලේ සියලුම හෙද හෙදියන් සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයේ නිරත වෙමින් කියා සිටියේ හෙදියගේ රාජකාරියට බාධා කළ අදාල පුද්ගලයාට නැවතත් වහාම නීතිමය පියවරක ගෙන අදාල හෙදියට සාධාරණය ඉටු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බාහිර රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ආපසු යෑමට සිදු වීමෙන් දැඩි අපහසුතාවයන්ට පත්වූහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad