වවුනියාවේ දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

වවුනියාවේ දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු අධිකරණයට

වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ අධ්යාපනය ලද හර්ෂනවි ගංගාදරන් නමැති 13 හැවිරිදි දැරිය පසුගිය 16 වැනිදා දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු අප්‍රේල් 01  වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වවුනියාව මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා  නියෝග කළේය.

වවුනියාව පොලීසිය පැවසූවේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ නිවස ආසන්නයේ පදිංචි 35 හැවිරිදි බාලසිංහම් ජනන්දන් නමැති පුද්ගලයෙකු නැවත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ  බවයි.

අධිකරණ නියෝග අනුව සැකකරුගේ රුධිරය ඩි.එන්.ඒ පරීක්ෂණයකට යොමු කොට ඇති  බවද පොලීසිය පැවසී ය. දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදු කළ වවුනියාව හදිසි මරණ පරීක්ෂක එස්. කිෂෝර් මහතා සිය වාර්තාවෙන් ඉදිරිපත් කරනු ලැබුවේ දැරියට ලිංගික අතවරයක් සිදු වි ඇති බවයි.

වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසූවේ දැරියගේ ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබි ඇති බවයි. වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad