හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ(01) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ඔහුගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පවත්වා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ. මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.
ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ආසන සංවිධායකයින් ඉවත් කර පරාජිතයින් එම තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී තිබේ. මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවත් පක්ෂයේ විනය කඩකර ඇති සාමාජිකයින්ට එරෙහිව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment