ඉන්දීය ජනප්‍රිය ගායක සෝනු නිගම් හේතුවෙන් ඉන්දීය ගුවන් සමාගමක කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් තාවකාලිකව රැකියාවෙන් නෙරපීමේ පුවතක් වාර්තා වනවා. ඒ, ගුවන් මගීන්ට නිවේදන ලබාදෙන සන්නිවේදන පද්ධතිය උපයෝගී කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන්.
සෝනු නිගම් විසින් එහිදී ගීත දෙකක් ගායනා කර ඇති අතර, ගුවන් මගියෙකු එය වීඩියෝගත කර ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යොමුකර තිබුණා. එය දුටු ඉන්දීය සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසා ඇත්තේ සෝනු නිගම් නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇති බවයි.
එබැවින් ඊට අනුබල දුන් ගුවන් යානයේ කාර්යමණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. මීට පෙර ද 2004 වසරේ ඉන්දියාවේ හෝලි උත්සව සමයේ ගුවන් යානයක් තුළ නර්තනයේ යෙදුණු සිද්ධියේදී ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා.
අදාළ වීඩියෝව පහතින් බලන්න...
Saturday, February 6, 2016
ඉන්දීය සුපිරි ගායකයාගේ වැඩෙන් ගුවන් කාර්යමණ්ඩලයක් ගෙදර යයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment