මෙම 24 වන දින සිට ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය සජීව විකාශණය කිරීමේ ආයිතිය ටී.එන්.එල්. රූපවාහිනිය වෙත ලබා දී තිබේ.
මේ බව සඳහන් පුර්ව ප‍්‍රචාරක දැන්වීම් මේ වන විටත් එම රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශණය කෙරෙමින් තිබේ.පසුගිය රජය කාලයේ ක‍්‍රිකට් තරඟවිකාශණය කරන ලද්දේ සී.එස්.එන්. රූපවාහිනිය විසින් වන අතර නව රජය බලයට පත් වූ පසු එය අහෝසි කරන ලදී.
සී.එස්.එන්. රූපවාහිනිය ඔස්සේ ක‍්‍රිකට් තරඟ විකාශණය කිරීමට එල්ල වූ දැඩි මහජන විරෝධයක් වූයේ එය රට පුරා දර්ශණය නොවීමයි. එකල විපක්‍ෂය විසින් කියනු ලැබුවේ එය රාජපක්‍ෂ පවුලට අයත් නාලිකාවක් බවයි.
එහෙත් මෙවර තරඟාවලිය විකාශණය කෙරෙන ටී.එන්.එල්. රූපවාහිනියද රට පුරා දර්ශණය වීම පවතින්නේ ඉතා දුර්වල තත්වයකයි. ටී.එන්.එල්. රූපවාහිනිය අයත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වැඩිමහළු සොයුරාටයි.
Monday, February 22, 2016
ක‍්‍රිකට් සජීවි විකාශණය අගමැති සොහොයුරාගේ TNL නාලිකාවට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment