තාක්‍ෂණ සරසවියෙන් ජනපති කාර්යාලයට ගෙන ගිය කෝටියක භාණ්‌ඩ අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

තාක්‍ෂණ සරසවියෙන් ජනපති කාර්යාලයට ගෙන ගිය කෝටියක භාණ්‌ඩ අතුරුදන්

තාක්‍ෂණ විශ්වවිද්‍යාලය සතුව තිබී පසුගිය ආණ්‌ඩුව සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන ගොස්‌ ඇති රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඡායාරූපාගාරයකට අවශ්‍ය අංගසම්පූර්ණ උපකරණ සියල්ල මේ වනවිට අතුරුදන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

විදේශාධාර යටතේ ලැබුණු අති නවීන තාක්‍ෂණයෙන් යුත් මෙම ඡායාරූප උපකරණ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව රැගෙන ගොස්‌ ඇති අතර එම උපකරණ රැගෙන ගිය බවට විශ්වවිද්‍යාලයට නිල වශයෙන් දැනුම්දී ඇත්තේ දෙවසරකට පමණ පසුවය. එම දැනුම් දීමද කර ඇත්තේ විශ්වවිද්‍යාලය කළ ඉල්ලීමකින් පසුව බව වාර්තා වේ.

මෙලෙස රැගෙන ගිය ඡායාරූප උපකරණ එම ආණ්‌ඩුවේ ප්‍රබලයකුගේ පුතෙකුට අයත් ආයතනයක එම කාලයේ සිටම සවි කර ඇති බවට ද නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයි ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලැබුණු එම උපකරණ යළි ලබා ගත යුතු බව සේවකයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad