තෙමහල් නිවසක් ගිලාබසී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

තෙමහල් නිවසක් ගිලාබසී (PHOTOS)

හැටන් වටවල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක් මේ වනවිටත් ගිලා බසිමින් පවතින බව වාර්තා වේ. 

වටවල නගර මධ්‍යයේ ඉදිකර තිබු මෙම තෙමහල් නිවස අද (24) අලුයම සිට එක්වරම ගිලා බැසිමට පටන්ගත් බව එම නිවසේ පදිංචිකරුවන් පවසයි.

ගිලා බැසිමට පටන් ගැනීමත් සමඟ නිවසේ ස්ථාන කිහිපයක් අගල් හයේ සිට අගල් දහය දක්වාත් ඇතැම් ස්ථාන වල අඩියක් පමණත් බිත්ති සහ පොළව පුපුරා ඉරිතලා ගොස් ඇති අතර නිවස වසර 18ක් පමණ පැරණි එකක් බවද වාර්තා වේ.

මෙම ගිලා බැසිම සම්බන්ධයෙන් ගොඩනැගිලි පරික‍ෂණ ආයතනයට දැනුම් දි ඇති බව වටවල පොලිසිය සඳහන් කරන අතර පදිංචිකරුවන් මේ වනවිට පොලිසිය මැදිහත්වීමෙන් ඉවත්කර තිබේ.

ඡායාරූප පහතින්....

 

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad