ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රධාන තරග අද (24) සිට ආරම්භ වනවා. ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි.
එ් එළැඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්. මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ බංග්ලාදේශයයි.
ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය , ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙවර ආසියානු කුසලාන තරගාවලිය එක්ව සිටිනවා. පළමු තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාති‍්‍ර 7 යි 30ට ආරම්භ වන්නේ සත්කාරක බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග හෙට පැවැත්වෙනවා.
ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 14 වැනි වරටයි. 1984 වසරේ සිට පැවත්වෙන ආසියානු කුසලානය පස්වතාව බැගින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව විසින් දිනා ගනු ලැබුවා. අවසන් වරට 2014 වසරේ බංග්ලාදේශයේ පැවති ආසියානු කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ශී‍්‍ර ලංකාවයි.
Wednesday, February 24, 2016
ආසියානු කුසලානය අද ඇරඹෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment