තීරණාත්මක ඡන්දයක් අද..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

තීරණාත්මක ඡන්දයක් අද..!

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණාත්මක ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැත්වෙනවා. එ් , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල කෙටුම්පත පිළිබඳවයි. 

ඊයේ මෙන්ම අද දිනයේද මීට අදාළ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවා.

සංශෝධිත කෙටුම්පත පිළිබඳ ප‍්‍රධාන පක්ෂ දෙකෙම එකම මතයක සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ පස්වරුවේද සාකච්ඡා සිදු කළ බව එ්කාබද්ධ විපක්ෂය පවසනවා. 


පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා වෙත කියා සිටියේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු කරුණු පිළිබඳ අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad