හිත හොඳ ගෑනි හැමදාම බඩින් – පබා කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

හිත හොඳ ගෑනි හැමදාම බඩින් – පබා කියයි

රංගනය සහ දේශපාලනය නිසා උපේක්ෂා ස්වර්ණමාලි සම්බනධයෙන් විවිධ අවස්ථාවල දී කතා බහට ලක් වෙනවා. මේ දිනවල ඇය සම්බන්ධයෙන් වැඩිපුර කතා බහ කරන්න පටං අරගෙන තිබෙන්නේ ‘සින්ඩරෙල්ලා’ චිත්‍රපටය නිසා.

ඒ වගේ ම පසුගිය කාගේ නම් ඇයට බොහෝ කරදර සිදු වූ බවත් සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් විවාහය පවා කල් ගියා කියලා තමයි ආරංචි වෙන්නේ.මේ දවස්වල සිය විවාහයට සූදානම්වෙන උපේක්ෂා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි,

”මට දැන් වයස 30යි. දැන් මම සූදානම් වෙන්නේ විවාහයට සහ මව් පදවියට.”

විවාහයෙන් පස්සේ උපේක්ෂා රංගනයෙන් ඉවත් වෙන එකක් නැහැ නේද?

”එහෙම නැහැ… මගේ ස්වාමි පුරුෂයා වෙන්න ඉන්න කෙනා කැමැතී මම රංගන ශිල්පිනියක් විදිහට ඉන්නවට… එයා මට ඒකට ආශිර්වාද කරනවා. ඒත් අම්මා කෙනෙක් වුණාම නම් මම දරුවෝ වෙනුවෙන් රංගනය කැප කරාවි.. අඩුගානේ මට දරුවෝ දෙන්නෙක්වත් හදන්න ඕන… ඊට වැඩි වෙනවා නම් තවත් කැමැතීයි. අපි දෙන්නම එකඟවෙලයි ඉන්නේ විවාහවෙලා හැකි ඉක්මනින්ම දරුවෙක් හදන්න.”

දැන් ඉතින් ඔහු ගැනත් කියමු නේද?

”නම නම් කියන්නේ නැහැ… ඔහු ව්‍යාපාරිකයෙක්… මට වඩා අවුරුදු 08 ක් වැඩිමල්… මට වඩා උසයි… මට වඩා චුට්ටක් කලුයි. රථවාහන සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේ. පදිංචිය කඳානේ. දෙන්නම එකම ආගමේ. අපි 2011 ඉදන් අඳුනනවා. ඒත් අපි පෙම්වතුන් වුණේ 2015 ඔක්තෝම්බර් 03. ප්‍රේම සම්බන්ධයක් වුණත් මේ විවාහය සිද්ධ වෙන්නේ යෝජිත විවාහයක් විදියට. අපි ආදරය කරන්නේ විවාහයෙන් පස්සේ..”

මෙච්චර කාලෙකට මාධ්‍යයෙන් යොමු කරපු අමාරුම ප්‍රශ්නෙ මොකක් ද?

”ඇයි මම දේශපාලනේට ගියේ කියන එක… ඒ ප්‍රශ්නේ අමාරුයි. ඒත් උත්තර නොදී සිටීම වැරදියි… මට ඡන්දය දීපු අයට මම ණයගැතියි… ඒත් මම අද කණගාටු වෙනවා මම දේශපාලනේට ආව එක ගැන… මම දේශපාලනයට ආවේ පෞද්ගලික හේතුවක් මත… ඒත් උපේක්ෂා ස්වර්ණමාලි කියන නම, මගේ ගමන, මගේ චරිතය සියයට දෙසීයක් ලොකු වෙනසකට ලක් වුණා.

එයින් අධ්‍යක්ෂකවරු අයුතු යෝජනා ගෙනෙද් දී පිටපත්වල මං කරන්න අකැමැති දේවල් තියෙද් දී මම මගේ විනය පුළුවන් උපරිමයෙන් රැකගෙන ආව ගමන මම විතරයි දන්නේ… ඒකට ලොකු කැළලක් වුණා දේශපාලනයෙන්…. මට ඒ කාලේ මීට වඩා බුද්ධිමත්ව හිතන්න තිබුණා. කතාවක් තියෙනවනේ හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියලා.. හදවතින් ගන්න තීරණ නිසයි මෙහෙම වුණේ… මම මට සීමාවක් තියා නොගත්ත නිසා මාව නැති වුණා…”

No comments:

Post a Comment

Post Bottom Ad